පරිසර සංගමය
සංයුතිය
- ජනාධිපති පරිසර නියමු පදක්කම දිනූ ශිෂ්‍යාවන් - 02
- රජත නියමූවන් - 64
- හරිත නියමූවන් - 28
- පරිසර නියමූවන් - 35
- නවක පරිසර නියමූවන් - 145
විද්‍යාලයීය පරිසර භටවියන් ...........................
විද්‍යාලයීය පරිසර භටවියන් .................
පරිසර සංගමයේ කාර්යයන්
- පාසල් පිරියත සංරක්ෂණය සඳහා ශ්‍රමදාන වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම.
- ජුනි 05 ට යෙදුනු ලෝක පරිසර දිනය වෙනුවෙන් පාසල් ශිෂ්‍යාවන් අවට ප්‍රජාව වෙනුවෙන් පරිසරය රැගකනිමු තේමාව යටතේ පෝස්ටර් ප්‍රදර්ශනයක් පැවැත්වීම.
- එදිනට විශේෂ දේශනයක් මගින් “ පොලිතීන් වළකමු පරිසරය සුරකිමු " මාතෘකාව යටතේ මුළු පාසලම දැනුවත් කරන ලදි.
- සතියේ සෑම බ්‍රහස්පතින්දා දිනකම ශිෂ්‍යාවන් පරිසර ගීතය ගායනය කිරීම.
- එදිනට “ පරිසර සිතුවිල්ලක් " ඉදිරිපත් කිරීම.
- පාසලට අමතර ද්‍රව්‍ය ගෙන ඒමේදී පොලිතින් බෑග් වෙනුවට පරිසර හිතකාමී ’’වැඩ මල්ලක් " හඳුන්වා දීම.
- පාසලේ කසල කළමනාකරණය සඳහා පරිසර සංගමයේ ශිෂ්‍යාවන්ගේ සෘජු දායකත්වය ලබා දෙන ලදි.
- පාසල් නේවාසිකාගාරයේ කසල බැහැරලීම සඳහා “කොම්පෝස්ට් ඒකකයක්“ හඳුන්වා දෙන ලදි.
- එමගින් කසල ගැටලුවට විසඳුමක් මෙන්ම පාසල තුළ ගෙවතු හා මල්වගාව වගාව සඳහා පොහොර ලබා ගැනීම තවත් බලාපොරොත්තුවකි.
- පරිසර නියමු ශිෂ්‍යාවන් කණ්ඩායම් ලෙස තම පදක්කම් ක්‍රියාවලිය සඳහා පාසල තුළ ස්ථාන හඳුනාගෙන වගා කිරීමත් අලංකාරණය කිරීමත් සිදු කරන ලදි.
- පරිසර නියමුවෙක් ලෙස ලැබිය හැකි ඉහළම පදක්කම වන පරිසර නියමු පදක්කම අප පාසලේ ඊ. සරුණි සසිනිඳු හා හිරුෂි වාසනා මහගමගේ යන ශිෂ්‍යාවන් දෙදෙනාට හිමි වීමත් ඉන් ඊ.සරුණි සසිනිඳු ශිෂ්‍යාවට ඉන්දියාවට යාමට ශිෂ්‍යත්වයක් ලැබීම මහත් භාග්‍යයක් ලෙස සලකමි.