බාල දක්ෂිකා සංගමය
ශ්‍රී ලංකා බාල දක්ෂිකා සංගමයේ පළමු වන මාතර කණ්ඩායම ලෙස සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය සාමාජිකත්වය ලබා ගෙත්තේ 1921දීය.පාසල් විෂය මාලාවට හුදෙක්ම සීමා වූ දියණියන් මඳක් ඊට අමරතව ඇයගේ විශේෂ කුසලතාවයන් එළි දැක්වීම පුරුදු පුහුණු කිරීමේ අරමුණින් පාසල් විෂය මාලාවට පරි බාහිරව විෂය සමගාමී කටයුත්තක් ලෙස බාල දක්ෂිකා සංගමය පාසල තුළ ක්‍රියාත්මක වේ පාසල තුළ කෙරෙන සෑම කටයුත්තකදීම බාලදක්ෂිකාවන්ගේ උදව් උපකාර නොමඳව ලබා ගත හැක. බාල දක්ෂිකාව බාහිර කටයුතු වලදී විශේෂයෙන් කැපී පෙනෙන ආදර්ශමත් චරිතයකි.