විද්‍යාලයීය මාධ්‍ය සංසදය

 

පාසලේ හදවත බඳු තෝමසු ප්‍රභාස්වර මාධ්‍ය සංසදය යහපත් සන්නිවේදනයක් උදෙසා නිරන්තර කැප වන ඒකකයකි. ගරු විදුහල්පතිතුමයගේ මඟපෙන්වීම යටතේ ආචාර්ය මණ්ඩලයකින් හා ශිෂ්‍ය කණ්ඩායමකින් සැඳුම්ලත් එය, සෑම අවස්ථාවකදීම ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් පාසල් ප්‍රජාව දැනුවත් කරන ශක්තිමත් පුළුල් ක්‍රියාකාරී ඒකකයකි. සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂා තුනෙන්ම දියණියන් චතුර ලෙස බස හැසරවීමට පුරුදු  පුහුණු වන්නේ මාධ්‍ය ඒකකය තුළිනි.

 

අපේක්ෂිත පරමාර්ථ වලින් කිහිපයක්.

  •  භාෂා ත්‍රිත්වයෙන්ම ශිෂ්‍යාවන් තුළ කථන හා නිවේදන හැකියාවන් වර්ධනය කිරීම.
  •  විවිධ සංස්කරණ හැකියා ඇති කිරීම.
  •  ඡායාරූපකරණයට හා කාටුන් ශිල්ප වැනි අංශ සඳහා සිසුන් යොමු කිරීම.
  •  ගායන හැකියා පුළුල් කිරීම.

 

දෛනිකව ඉටු කරන කාර්යයන් සහ සෙසු කාර්යයන්

 

  •      සතියේ සෑම උදෑසනකම සෙත් පිරිත් දේශනය විකාශය කිරීම.
  •      උදෑසන 7.10 සිට 7.25 දක්වා “ තෝමසු සුබස“ වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
  •      ආගමික කටයුතු වලින් පසුව සෑම දිනකම ශරීර සුවතා වැඩ සටහන ඉදිරිපත් කිරීම.
  •      සෑම සඳුදා දිනකම පාසලේ ප්‍රධාන රැස්වීම සඳහා දායකත්වය ලබා දීම.
  •      සෑම දිනකම උදෑසන ප්‍රවෘත්ති විකාශය කිරීම හා දවසේ සිතිවිල්ල ඉදිරිපත් කිරීම.
  •      විවේක කාලයේදී විවිධ තේමා ඔස්සේ විවිධ භාෂාවන්ගෙන් ගීත සන්නිවේදනය කිරීම.
  •      විශේෂ කමිටුවල වැඩසටහන් ඉදිරිපත් කිරීම.
  •      විද්‍යාලයේ සෑම උත්සවයකදීම නිවේදන කටයුතු සිදුකිරීම.උදා. බකමහ උළෙල, ලෝක ළමා දිනය, ලෝක ගුරු දිනය, ක්‍රීඩා උත්සවය, ත්‍යාග ප්‍රදානෝත්සවය.
  •      සතියේ සෑම දිනකම ඒ ඒ දිනයට වෙන වෙනම සුවිශේෂී අංගයක් ඉදිරිපත් කිරීම.
  •      බදාදා දින ඉංග්‍රීසි භාෂා වැඩසටහන් සඳහා ද සිකුරාදා දින දෙමළ භාෂා වැජසටහන් සඳහා ද අවස්ථාව ලබා දීම.
  •      විද්‍යාලයීය උපන්දිනය සමරනු වස් විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම.
  •      පෙර පෝදා වැඩ සටහන් හා පොසොන් ශීල සමාදාන වැඩසටහන මාධ්‍ය ඒකකය ඔස්සේ සමස්ත පාසලටම ඇසෙන්නට සැලැස්වීම. (ඇසෙන පරිදි ප්‍රචාරය කිරීම.)
  •      පරිගණක මෘදුකාංග යොදා ගනිමින් කාලජේද වෙන් කිරීමේදී සීනුව නාදවීමේ පද්ධතිය හඳන්වා දී එය ක්‍රියාත්මක කිරීම.
  •      අන්තර් පාඨශාලීය ත්‍රෛභාෂා මාධ්‍ය දින තරගාවලි සඳහා ශිෂ්‍යාවන් සහභාගී වී පාසලට ජයග්‍රහණ අත්පත් කර දීම.
  •      මාධ්‍ය වැඩමුළු (අන්තර් පාසල්) සංවිධානය කිරීම.