කලා සංගමය
අප පාසලේ උසස් පෙළ කලා අංශයේ ප්‍රධානාත්වයෙන් කලා සංගමය ක්‍රියාත්මක වේ. සිසුන්ගේ භාෂාමය හැකියාවෙන් ඔබ්බට ගොස් නිර්මාණශීලි යහපත් දරුවෙකු තුළ තිබියයුතු විවිධ හැකියා හා විභව්‍යතා වර්ධනය කිරීමට කලා සංගමය නිරතුරුවම කටයුතු කරයි.
වසර පුරාම ඒ සඳහා පාසල තුළ හා පාසැල් අතර කථික තරග, කවි නිර්මාණ තරග, සිංහල රචනා තරගආදිය පවත්වයි. නිර්මාණ ශීලී හැකියාවෙන් යුත් දරුවන්ට ඔවුන්ගේ කුසලතා වර්ධනය කරගනැනීමට අවස්ථාව කලා සංගමයෙන් සලසා දී ඇත.
වාර්ෂිකව කලා සංගමය මගින් සංවිධානය කරන කලා උළෙල සැලසුම් කිරීම, සංවිධානය කිරීම හා පැවැත්විම යන අංශවල මූලික වගකීම ළමයින්ට පවරා ඔවුන් තුළ එකමුතුව වැඩකිරීම, නායකත්ව ගුණාංග වර්ධනය, නිර්මාණකරණයෙහි ඇති
හැකියාව වර්ධනය කරමින් උසස් රසවින්දනයකට ආකල්පමය පරිවර්තනයක් කිරීමට කටයුතු සලසා දෙයි. ලංකාවේ ප්‍රකට කලාකරුවන් පාසලට ගෙන්වා ඔවුන්ගේ කලාහැකියාවන් දරුවන්ට විදීමට සැලැස්වීමෙන් හා විවිධ නාට්‍ය රචනා කර රඟ දැක්වීමට දරුවන්ට අවස්ථාව සලසා දීම තුළින් ඔවුන්ගේ කලාකාමී හැකියාවන් මුවහත් කරගැනීමට කලා සංගමයේ මඟපෙන්වීම ලබා දී ඇත.
තරගකාරී සමාජ රාමුවක මානසික සංයමයෙන් යුත් විනය ගරුක හික්මුණු ළමා පරපුරක් ගොඩනැගීමට ළමයින්තුළ කලාවට ළැදි හැකියාව වැඩිකර වින්දනීය හැකියාව ඉහළ නැංවීමට පාසල් කලා සංගමය නිරතුරුව කටයුතු කරයි.