උසස් විභාග සමත්වීමෙන් පමණක් පුද්ගල පෞරුෂය සකස් කිරීමට නොහැක. ශිෂ්‍යාවන්ගේ සාරධර්ම සංවර්ධනය කිරීම ද පාසලක් විසින් ඉටු කළ යුතු ප්‍රධාන කාර්යයන් අතර එක් කාර්යයකි. එම නිසා අප විද්‍යාලය නිරතුරුවම දියණියන්ගේ සාරධර්ම සංවර්ධනය හා දහම්අධ්‍යාපනය නංවාලීමට විවිධ වැඩ සටහන් පවත්වයි. එම වැඩ සටහන් විද්‍යාලය තුළ ක්‍රියාත්මක කරනු ලබන්නේ ආගමික හා සාරධර්ම කමිටුවේ මූලිකත්වනේ හා මග පෙන්වීමෙනි.
පාසල තුළ ක්‍රියාත්මක කරන ලබන ආගමික වැඩසටහන්
පෙර පෝදා ධර්ම දේශනා :-
සෑම මසකම පොහොය දිනට පෙර දින (සතියේ දිනක) ස්වාමීන් වහන්සේ නමක් පාසලට වැඩම කරවා දියණියන්ගේ ජීවිතය හැඩ ගස්වා ගැනීමට බුද්ධ චරිතයෙන් ගත හැකි ආදර්ශ ඇතුළත් ධර්ම දේශනාවක් පවත්වයි. (උදෑසන පැයක පමණ කාලයක් ඒ සඳහා යොදා ගනියි.)
වෙසක් දන්සල්
වෙසක් සැරසිලි
ශීල සමාදාන වැඩ සටහන්
වානිජ අංශයේ ශිෂ්‍යාවන් වාර්ෂිකව පාසල ආසන්නයේ ඇති සිරිමංගල පිරිවෙන් විහාරස්ථානය ශුද්ධ පවිත්‍ර කිරීම.
දිනපතා පාසලේ සිදුකරන ආගමික වැඩසටහන්
v උදෑසන 6.30 පිරිත් දේශනාව විකාශනය කිරීම.
v උදෑසන 7.15 ට මල් ප්‍රජාව හා බුද්ධ පූජාව පැවැත්වීම.( පාසල පැවැත්වෙන දින පහ තුළ) පංති මට්ටමින් මෙම මල් පහන් සහිත බුද්ධ පූජාව ශිෂ්‍යාවන් විසින් පවත්වයි. බුද්ධ පූජා වැඩසටහන මෙහෙය වන්නේ විද්‍යාලයීය ගුරුමහත්මියක් විසින් ය.
v භාවනා වැඩ සටහන (විනාඩි තුනක පමණ)
v මව්පිය වන්දනා වැඩ සටහනක් දියණියන්ට ශ්‍රවණය කිරීමට සැලැස්වීම.
v මාතර බෝධි ආරක්ෂක සභාව මගින් පවත්වන ලද වැඩ සටහනට සහභාගී වීම හා ශිෂ්‍යාවන් ද ඒ පිළිබඳ දැනුවත් කිරීම.
v විද්‍යාලයීය උපන්දිනය ජූලි 02 වන දාට යෙදි ඇත. ඒවෙනුවෙන් වාර්ෂිකව දානමය පුණ්‍ය කර්මයක් පවත්වා විද්‍යාලයට සෙත්පතයි.
අප විද්‍යාලය මිෂනාරි පාසලක් ලෙස ආරම්භ වුවද අද වන විට බෞද්ධ කාන්තා විද්‍යාලයක් ලෙස මාතර ප්‍රදේශයේ ආදර්ශමත් හා කීර්තිමත් පාසලක් ලෙස ජනප්‍රිය වී ඇත. ශිෂ්‍යාවන්ගේ පෞද්ගලික ජීවිතය හැඩ ගස්වා ගැනීම සඳහා බුදු දහම ඇසුරින් ජීවිතාදර්ශ ලබා දීම හා සිරිත්, විරිත්, කායික, මානසික, වාචසික සංවරය ඇති කිරීම ආදී දේ තුළින් යහපත් කාන්තාවක් ජාතියට දායාද කිරීම අප පාසලේ ඒකායන අරමුණයි.